Thursday 18th of June 2026

English Tamil
Advertiesment


රිළවෙකු නිසා මිනිහෙකු ඝාතනය කෙරේ 


2025-07-15 14902

 

නිවසක සුරතලයට ඇති à¶šà·… රිළවකු යාබද නිවසක සිටී දැරියක සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක්  à¶¯à·”à¶» දිග යෑමෙන් ඇතිවූ à¶´à·’à·„à·’ ඇනුමකින් à¶‘à¶šà·Š අයකු මිය ගොස් ඇති à¶¶à·€ යටවත්ත පොලිසිය පවසයි.

මෙම à¶´à·’à·„à·’ ඇනුමෙන් මරණයට à¶´à¶­à·Šà·€ ඇත්තේ මාතලේ යටවත්ත තුත්තිරිපිටිය දූල්ලෑව à¶´à·Š‍රදේශයේ පදිංචි සරත් වීරසිංහ (55) යන අය à¶¶à·€ පොලිසිය සඳහන් කරයි.

යාබද නිවසෙහි සුරතලයට ඇති කළ රිළවා, මරණයට ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දැරියක සපා කා ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇති වී එම තත්ත්වය ආරවුලක් දක්වා වර්ධනය වී තිබෙන බව ද පොලීසිය පවසයි..

එහිදී රිළවා සුරතලයට නිවසේ ඇති කළ පුද්ගලයා විසින් පිහියකින් ඇන අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වූ බව ද, මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරන බව ද යටවත්ත පොලිසිය සඳහන් කරයි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment